ලෝක ලමා දිනය සමරන්න ගිය බාලවයස්කරුවන්ට වුණ දේ

386

ලෝක ලමා දිනය ඊයේ යෙදී තිබුණා. ඒ වගේම ලෝක වැඩිහිටි දිනය යෙදී තිබුණෙත් ඊයේ දිනයේදියි. එම දිනය තුල පාසල් තුල විවිධාකාරයේ උත්සව සැලසුම් කර තිබූ අතර ඒ සමග වෙනස් ආකාරයේ පුවතක් අපට අසන්නට ලැබුණා.

උපකාරක පන්තිය මගින් සන්විධානය කරන ලද ලෝක ලමා දින සැමරුම් උලෙලක් වෙත යන බව පවසා ලැගුම්හලක් වෙත පෙම්සුව විදිමින් සිටි ලාබාලත පෙම් යුවලක් ගැන පුවතක් වාර්තා වුණා. ඔවුන් පාසල් දිනයක් වූ ඊයේ දින පාසල් නොයා ලෝක ලමා දිනය සැමරීමට උපකාරක පන්ති වෙත යෑමට අවශ්‍ය බව නිවස් වෙත පවසා තිබෙනවා.

ගෙදරින් යන විට අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්වූ ගැහැණු දරුවාගේ නිවසියන් ඇය යන තුරු සිට අදාල උපකාරක පන්තිය වෙත ගොස් තිබුණේ ඇය කියූ පුවතේ සත්‍ය අසත්‍යතාවය දැන ගැනීම සදහායි. නමුත් එහි ගිය ඇයගේ මවගේ ඇගේ ලේ වතුර වී තිබෙන්නේ එවැනි කිසිම උත්සවයක් එහි නොපවතින බව සැල වීමත් සමගයි.

තොරතුරු සොයා යන විට එම දැරිය සහ පිරිමි දරුවා ඒ අවට ලැගුම්හලක සිටින බව සැල වී තිබෙනවා. මොවුන් දෙදෙනාගේම වයස අවුරුදු 16ක්. බාල වයස්කාරුවන්ට ලැගුම්හල් නවාතැන් දීම සම්බන්ධයෙන් එම ලැගුම්හලේ අයිතිකරුවත් පොලිස් බාරයට ගෙන තිබෙනවා. තවද එම දරුවන් දෙදෙනාවම එම මොහොතේ පොලිස් බාරයට ගෙන තිබුණේ අසල්වැසියෙකුගෙන් ලද තොරතුරකට අනතුරුවයි.

දරුවන් පිළිබදව දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් විය යුතු වන්නේ මෙම කාලයේදී දරුවන් නොමග යවන සුලු බොහෝ දේ ඔවුන් අහල පහලම තිබෙන නිසාවෙනුයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *