ශානිකාගෙ ජීවිතයේ අලුත් වෙනසක්

384

කොහොමද ශානිකා මේ දවස් වල ඔයාගෙ ජීවිතේ ?

කියන්න තරම් වරදක් නම් නෑ.සුපුරුදු පරිදි සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ව අතරෙ අලුත් ගීතයක් රසිකයන් අතරට ගේන්න වැඩ කටයුතු කරගෙන යනවා.

කාලෙකින් නේද ශානිකා රසික රසිකාවියන් අතරට එන්නෙ?

ඔව් ටික කාලෙකින් නම් තමයි.

ශානිකාට ඉස්සර වගේම ජනප්‍රියත්වය තාම තියෙනවද ?

මම ජනප්‍රියත්වය හොයාගෙන යන කෙනෙක් නෙවෙයි.මගේ ගමන මම හිමින් යනවා.

ශානිකාට අලුත් ජීවිතයක් ලැබෙන්න යනවා කියලා ආරන්චියක් ආවා?

ඔව් ඒක ඇත්ත. මම විවාහ වෙන්න යන්නෙ.

කොයි කාලෙ වගේද?

මේ මාසෙ තමයි අපේ විවාහය සිද්ධ වෙන්නෙ.

ඒ කවුද කියලත් කියමු නේද?

දැන්මම එයාගෙ නම නොකියා ඉන්නම්.එයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.වෙලාව ආවම හැමදේම කියන්නම්.මම හිතන්නෙ මම හරිම කෙනා ජීවිතේට තෝරගත්තා.

එතකොට මේකට ගෙවල් වලින් කැමතිද?

ඔව් අපිට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබිලා තියෙන්නෙ.

ශානිකාට නොලැබුණ දේවල් ගැන මොකද හිතෙන්නෙ?

මට ඇත්තටම මම හිතපුවත් නැති දේවල් තමා ලැබුනෙ.ඒ වගේම නැති වුණා. ඒවගෙන් මම පාඩමක් ඉගෙනගත්තා.ඒ නිසා මම තීරණැයක් ගන්නකොට දැන් ගොඩක් හිතනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *