කඩයක කොත්තු බාස් ලෙස වැඩ කරපු කුමුදුගෙන් රන් පදක්කමක්

309

අපේ රටේ උදව් උපකාර අවශ්‍ය දිරිය අවශ්‍ය අයට තැනක් නෑ. තමන්ගෙ ස්ව උත්සහය කැප වීම මත තමයි අපට බොහෝ දේවල් ලබා ගන්න සිදු වෙලා තියෙන්නෙ. මේත් එහෙම කතාවක්.

තායි බොක්සිං තායිලන්තයේ ජාතික ක්‍රීඩාව. ව වගේම තමයි ඒ රටේ සංස්කෘතික ආත්මාරක්ෂක සටන් කලාවද වෙන්නෙත් මේ ක්‍රීඩාවම තමයි. මීට සියවස් කිහිපයකට කලින් තමයි මේ ක්‍රීඩාව බිහි වෙන්නෙ. මේකෙ තියෙන විශේෂත්වය තමයි අදාළ තරගකරුවන් සම්පූර්ණ සිරුරම අවියක් විදිහට යොදාගන්න සිදුවීමයි.

මෙම ක්‍රීඩාව මේ වන විට ශ්‍රී ලංකාව තුළද පැතිර යමින් තිබෙනවා. මෙම ක්‍රීඩාවෙන් ඉතා සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් සමත් වුණා. ඔහු නමින් කුමුදු ප්‍රසන්න. වයස අවුරුදු 29යි.

ප්‍රසන්න වෘත්තීයමය තායි බොක්සිං ක්‍රීඩකයෙක්. ඔහු ඉන්නෙ හොරන. ඒත් ඔහුගේ ජීවිකාව රාත්‍රී හෝටලයක කොත්තු බාස් කෙනෙක් වශයෙන් කටයුතු කිරීමයි. පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති එම්. එක්ස්. තායි බොක්සිං එක්ස්ට්‍රීම් තරගාවලියේ දී ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වුණා. මෙම තරගාවලියට රටවල් අටක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගි වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස්ම මට්ටමින් ජාත්‍යන්තර තායි බොක්සිං තරගාවලියකට සහභාගි වී මගේ රටට කීර්තියක් ගෙන ඒමට පුලුවන් ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම එම ක්‍රීඩාවේ උපන් ගෙදරදිමෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. මේ අසීරු ගමනේදී මට නිසි මග පෙන්වූ මගේ ගුරුවරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. මම ඉදිරියේදී තව තවත් ලොව පුරා පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියන්ට අනිවාර්යෙන්ම සහභාගි වෙනවා. ඒ වගේම අනෙක් ශ්‍රී ලංකා තරගකරුවන්ටත් මේ වගේ ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගි වන ලෙසට දිරිමත් කරන්න මම කැමතියි. යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ආඩම්බරයෙන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *