එක දවසින් මහනුවර ගිහින් එන්න පුළුවන් තැන්

1011

ඇවිදින්න ආස අය වෙනුවෙන්ම අපි මීට කලිනුත් ලිපි මාලාවක් පල කරනු ලැබුවා. ඉතින් අද කියන්න හිතුනෙ මහනුවර ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්න අයට ඒ අවට ඇවිදින්න යන්න පුළුවන් තැන් කිහිපයක් ගැනයි.

මහනුවර කියපු ගමන්ම මුලින්ම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නෙ දළදා මාලිගාවනෙ. මහනුවර යනවා නම් දළදා මාලිගාව බලන්න යන්න වගේම ඒ ලගම තියෙන නුවර වැවේ අසිරිය විදින්නත් යන්න පුලුවන්.

පේරාදෙනිය මල් වත්තත් පිහිටලා තියෙන්නෙ මහනුවර. අපේ රටේ තියෙන උද්භිත උද්‍යාන පහෙන් එකක් වෙන පේරාදෙනිය උද්භිත උද්‍යානය නිදහසේ ඇවිදින කෙනෙක්ට හොදම තැනක්.

අම්බුලුවාව තියෙන්නෙ මහනුවර නෙවෙයි වුණාට මහනුවර ඉදලා වැඩි දුරක් නෑ. අම්බුලුවාව තියෙන්නෙ ගම්පොල. අම්බුලුවාව සාම චෛත්‍ය නරඹැන කෙනෙක්ට ඒ අවට පරිසරය රිසි සේ විදින්න පුලුවන්.

හයික් කරන්න කැමති අයට හන්තානෙ යන්න පුළුවන් මහනුවර පැත්තට ගියොත්. හරිම ජයග්‍රාහී සහිතුටක් එනවා හන්තානෙ කදු මුදුනට අවතීර්ණ වුණාම.

නුවර ජාතික කෞතුකාගාරයත් නුවර යන අයට ලේසියෙන්ම නරඹන්න පුලුවන් වගේම ගොඩක් දේවල් දැනුමට එකතු කරගන්න පුළුවන්.පාසල් ලමුන්ට ගොඩක් වැදගත් තැනක් වෙයි.

බහිරවකන්ද විහාරය තියෙන්නෙත් මහනුවර. වෙනස්ම අත්දකීමකට එකතු වෙන්න කැමති අයට මේක හොද තැනක්. ඒ වගේම ලෝක බෞද්ධ කෞතුකාගාරය තියෙන්නෙත් මහනුවර.

මහනුවර යන්න හිතාගෙන ඉන්නවා නම් මේ වගේ තැන් ගැන දැනුවත් වෙලා යන එක ගොඩක් වටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *