කැත විදිහට බලන මිනිස්සුන්ට පේන්නෙ කැත විදිහට. ඕෂධීගෙන් සැර පිළිතුරක්

1398

ඕෂදී හිමාශා කියන්න රටම දන්න තාරකාවක්. අනිත් සාමාන්‍ය මිනිස්සු වගේම ඕෂදීත් පසුගිය දවස් වල විවාහ දිවියට එළඹිලා මව් පදවියට සූදානම් වෙමින් මේ දිනවල පසු වෙනවා.

විවාහයේදි වගේම තවත් අවස්ථා කිහිපයකදීම ඕශදී ෆොටෝ ශූට් කිහිපයක් සිදු කර තම රසික රසිකාවියන් වෙත මුදා හැර තිබුණා. ඉතින් ඇය මව් පදවිය සූදානමින් තම දරුවා කුස තුල රුවාගෙන ඉන්න ෆොටෝ ශූට් එකක් පසුගියදා කරලා තිබුණෙ තමන්ගෙ සැමියා එක්කමයි. ඒ ඇයගේ ආසාව.

ඒත් අපේ රටේ බහුතරය තමන්ට වඩා අනිත් අයගෙ ප්‍රශ්න ලොකු කරගෙන කෑ ගහන නිසා ඕෂදීට ටිකක් හිත රිදිලා තියෙනවා. ඇයගේ ඡායාරූප සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගෙ ප්‍රතිශාර හොද වුණත් තවත් සම හරක් ගෙ ප්‍රතිචාර හරිම නින්දිත ලෙස ඉදිරිපත් වී තිබුණා. තමන්ගෙ ජීවිතේ අඩියක් හෝ ඉදිරියට යන්න උත්සහ නොකරන මිනිසුන් අනෙක් අය දිහා බල බල ඉරිසියාකම් කරමින් තප්පුලන එක සාමාන්‍ය දෙයක්.

මේ වගේ ෆොටෝ ශූට් ඉන්දියාවෙ පවා හරිම සාමාන්‍ය අයුරින් පවත්වනවා. මේ ගැන ඕශදී හරි අපූරු පිළිතුරක් අයහපත් ප්‍රතිචාර එල්ල කළ්ළ අය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුනේ මේ ආකාරයටයි.

මම මේ ප්‍රෙග්නන්සි ෂූට් එකක් තමයි කරලා තිබෙන්නේ. මෙතන මගේ නිරුවත ප්‍රදර්ශනය කරලා නෙමෙයි. මෙය මගේ ආසාවක්. බොලිවුඩ් හොලිවුඩ් වල මේක අතිශය සාමාන්‍ය දෙයක්. මෙතන නිරුවත ප්‍රදර්ශනය කරන්නේ නෑ. කොහොමත් කැත විදිහට බලන මිනිස්සුන්ට පෙන්නේ කැත විදිහට තමයි . ගෑණියෙක්ට ඒ ආසාව කියලා නිම කරන්න බැහැ. මුළු ලෝකෙට වුනත් කෑ ගහලා වුනත් කියන්න පුළුවන්. මේක මගේ ආසාවක් විතරයි. වැරදි විදිහට බලනවට වඩා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් දිහා බලන විදිහට බලන්න පුරුදු වෙන්න. අම්මා කෙනෙක්ට ළමයා අඬනකොට මිනිස්සු 1000ක් මැද්දේ වුනත් තනියම පුළුවන් විදිහට වඩාගෙන කිරි දෙනවා. පොඩ්ඩක් පෙනුණොත් අනේ ප්ලීස් ගල් ගහලා ඒ අම්මව මරන්න එපා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *