හයිකින් එහෙම නැත්නම් කදු නැගීම කියන්නෙ ගොඩක් දෙනෙක් ආස වැඩක්. ඒ නිසා අපි අද හිතුවා අපේ රටේ තියෙන හයික් කරන්න ලස්සන තැනක් ගැන ඔයාට කියන්න. ඒ තමයි යහන්ගල. යහන්ගල කිව්වම ඔයා මේ ගැන මීට කලින් අහලා ඇති. ඒ වගේම ගිහිනුත් ඇති.
මේ යහන්ගලට රාවණෑගේ කතා පුවත් වගේම ඉතිහාස පුරාවෘත රාශියක් තිබෙනවා. යහන්ගල තරණය කරනවා කියන්නෙ වෙනස්ම විදිහකට අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ක්රමයක්. රාවණෑගේ මෘත දේහය තැන්පත් කරලා තියෙන්නෙත් මේ යහන්ගලේ කියලා පුරාවුත වල සදහන් වෙනවා.
කොළඹ ඉදලා එනවා නම් කොළබ මහනුවර පාරෙ ඇවිත් හුන්නස්ගිරිය සහ උඩුදුම්බර කියන නගර පසුකරගෙන කළුගල කියන ගමට එන්න ඕනි මේ යහන්ගලට නගින්න නම්. කලුගල කියන්නෙ කිතුල් නිශ්පාදන වලට ප්රසිද්ද ගමක්.
යහන්ගල තරනය කරන්නට කලින් පැයක විතර වෙලාවකින් වෙල්ලන්ගොල්ල පතනට ලගා වෙන්න වෙනවා. එතන ඉදලා තමයි යහන්ගල ආරම්භ වෙන්නෙ.විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තමයි යහන්ගල තරනය කරනකොට ටිකක් අපහසු හෙල් කිහිපයක්ම හම්බ වෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදිහයට යන එක නුවනට හුරුයි.
මේ කදු මුදුනට ආවම මහියංගන මහා විහාරය දැකගන්න පුලුවන්.
අපි අපේ රටේ මේ වගේ තැන් ආරක්ශා කරන්න ඕනි නිසා ප්ලාස්ටික් පොලිතීන් වගේ දේවල් තැන තැන දාලා ඇවිත් පරිසරය අපවිත්ර කරන්න එපා කියලා අපි ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.