මිට සුළු මොහොතකට පෙර හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ඇප තැන්පත් කර තිබෙනවා. මේ බව ප්රකාශ කරනු ලැබුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙකු විසිනුයි. ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස මෙතුමා මේ ආකාරයට ඇප තැන්පත් කොට තිබෙනවා.
නමුත් එම සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන නිසා එය අයත් වන්නේ වෙනත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කළේ.
ගෝඨාභය රාකජප්ක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ශකත්වය පිළිබදව තවමත් පවතින්නේ වැට උඩ තිබෙන තත්වයක්. එය ඉදිරියේද සියලු දෙනාට සනාත වීමට නියමිතයි.