LATEST NEWS
Search

ජනපතිවරණයේ වියදම මැකෝ හෙළිකරයි

362

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රට තුළ මේ වන විට පවතින්නේ උණුසුම් කතා බහක්. මෙවර ජනාධිපතිවරණය සන්දහා අපේක්ෂකයින් 17 දෙනෙකු පමණ මේ වන විට ඉදිරිපත් වී තිබෙන අතර මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වන්නේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම මෙයට ඉදිරිපත් වීමයි.

මෙවර ජනාධිපතිවරනය පැවැත්වීම සදහා රුපියල් කෝටි හාරසිය පනහක පමණ මුදලක් වැය වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා.

එතුමා මේ බව සදහන් කර සිටියේ අද දින පවති මාධ්‍ය හමුවීමකට එකතු වෙමිනුයි. තවත අපේක්ෂකයින් ගණන වැඩි වන විට මෙම මුදලේ ප්‍රමාණය තවත් ඉහල යන බව එතුමා සදහන් කරා.
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙන් සියයට පනහක ඡන්ද ප්‍රමාණයක් ලබා නොගතහොත් දෙවන සහ තෙවන මනාප ගණනය කිරීමට සිදු වන බව එතුමා වැඩිදුරටත් සදහන් කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *