LATEST NEWS
Search

මෙවර ඡන්දයට අරුම පුදුම ඡන්ද පත්‍රිකාවක්

492

මෙවර ජනාධිපතිවරණය හේතුවෙන් රටේ මේ වන විට පවතින්නේ දැඩි කතා බහක් වගේම උණුසුම් වාතාවරණයක්. මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් තිස්පස් දෙනෙකු ඉදිරිපත් වෙන අතර ඒ සදහා ප්‍රධාන පක්ෂ කිහිපයකින් ප්‍රබලයින් කිහිප දෙනෙකුම ඉදිරිපත් වීම විශේෂයක්.

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්ද දායායාට හිමි වෙන ඡන්දය ප්‍රකාශ කිරීමට අදාල වූ ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් අපූරු කතාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වන මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. එනම් මෙවර ඡන්ද ප්‍රකාශය කිරීමට අදාල පත්‍රිකාව අඩි දෙකක් එනම් අගල් විසි හතරකින් දිගු වන බවයි.

ඒ මහතා මේ බව සද්හන් කර සිටියේ පුවත්පත් කතුවරුන් සමග පැවති මාධ්‍ය සාඅච්ඡාවකට එකතු වෙමිනුයි. මෙලෙස මෙම පත්‍රිකාව දිගු වීමට හේතුව අපේක්ෂකයින්ගේ ප්‍රමාණය වැඩි වීම බවද ඔහු සදහන් කර සිටිනා.

තවද ජනාධිපතිවරණය සදහා වන වියදම ඉදිරියේදී තවත් ඉහල යන බවද ඔහු එම අවස්ථාවට සහාභාගී වෙමින් සදහන් කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *