වසර ගණනාවක සිට තමන් විසින් මෙරට සිදු කරන ලද විකට රංගන හැකියාව මේ වන විට ජනාධිපති අපේක්ෂකයක් විසින් අත්පත් කරගෙන තිබෙන බව ප්රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ප්රකාශ කරනවා.
එම හේතුව නිසාවෙන් සිය රැකියාවද තමන්ට අහිමිව තිබෙන බවද ඔහු වැඩිදුරටත් අදහස් ප්රකාශ කර සිටියා.
මෙහිදී සිය රැකියාව නැති වුණද තමන් තම රට වෙනුවෙන් තම දරුවන් තිදෙනා වෙනුවෙන් මුණුපුරා වෙනුවෙන් මැතිවරණ වේදිකාවට ගොඩ වී රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් පැවැති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් ප්රකාශ කර සිටියා.
ඔහු වක්රව එම ප්රකාශනයන් කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුට එල්ල කර බව වාර්තා වෙනවා.