LATEST NEWS
Search

සජිත් දෙරණේ දිල්කාට බයේ 360 න් පැන දුවයි

497

දෙරන නාලිකාවේ විකාශනය වන 360 වැඩසටහන දේශපාලනික කතිකාවත් ඉදිරිපත් කරන වැඩසටහනක් ලෙස ප්‍රසිද්ධයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දෙරණ රූපවාහිනියේ විකාශනය වන 360 වැඩසටහනට එක්වීම සඳහා අකමැත්ත පළ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දෙරණ 360 වැඩසටහනට පැමිණීමට සිය කැමැත්ත පල කල බවත් එම හේතුව නිසා දෙරණ නාලිකාව මගින් ඒ සම්බන්ධයෙන් පූර්ව ප‍්‍රචාරක පටද විකාශය කරන අතරවාරයේදී සජිත් මහතා සහභාගී වීම ප‍්‍රතික්‍ෂෙප කර තිබෙන බවත් ඔහු සදහන් කළෑ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් මහතා ප්‍රකාශ කර සිටියේ මෑත ඉතිහාසයේ කිසිදු දිනක සජිත් ප්‍රේමදාස මහතා තනිව හෝ විවාදයකට රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගී වී නැති බවයි.

එම වැඩසටහන මෙහෙයවන දිල්කාටද බිය වී මෙසේ එම වැඩසටහනට සහහාගී නොවුණ බවද විමල් වීරවංශ මහතා එහිදී චෝදනා කළා.
ජනාදිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් එම මහතා මෙම අදහස් ප්‍රකාශ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *