LATEST NEWS
Search

සැබෑ පෑඩ් මෑන් සජිත්ව අගයයි

549

පෑන් මෑන් ලෙස මේ දිනවල කා අතරත් උපහාසයට ලක් වෙන කෙනෙක් තමයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියලා කියන්නෙ. ඒ වගේම ඇත්තම පෑඩ් මෑන් තමයි ඉන්දියාවේ අරුනාචලම් මුරුගනාදන්. ඔහු විසින් ඉන්දියාවට හඳුන්වාදුන් අඩු වියදම් කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක්වීම සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොඋ වී තිබෙනවා. පෑඩ් මෑන් චිත්‍රපටය බලපු කෙනෙක් නම් ඔහුව අනිවාර්යෙන්ම දන්නවා ඇති.

ඔහු මෙම අගය කිරීම සිදු කර තිබෙන්නේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පල කරමිනුයි.

සිය දේශපාලන වේදිකාවේදී නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පළකළ අදහස මේ දිනවල ශ්‍රී ලාංකීය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්වතිබෙනවා. සිය ෆේස්බුක් සටහන මගින් සැබෑ පෑඩ් මෑන් සජිත් ප්‍රේමදාස මහතාව අගය කරන බව ඔහු දක්වා තිබුණා.

වැඩිදුරටත් අදහස් පල කරමින් ඔහු දක්වා තිබුණේ,

ලෝකය පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම හොදින් වටහාගෙන තිබීම හොඳ වෙනසක්. මෑතකදී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දැරිය හැකි ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කර තිබෙනවා. ඔහු එරට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වෙනවා. තමන්ව පෑඩ් මෑන් ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් වී තිබීම සතුටට හේතුවක්. මේ එලඹී තිබෙන්නේ ජාතික නායකයින් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි. දැන් බංග්ලාදේශය තුළ ද සරණාගත කාන්තාවන් හැ ගැහුණු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට පෙළඹී තිබෙනවා. යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *