ශ්‍රීලනිපය ගෝඨාව අතහරින්න තීරණය කරයි..!

562

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණාත්මක තොරතුරක් පිළිබඳව ආරංචි වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තීන්දු කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට තීන්දුකර තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිගටම පොදු ජන පෙරමුණ රැළිවලදී හූ තැබීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමටද ශ‍්‍රීලනිපය තීරණය කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට පමණ ජනහමුවලදී හූ තබා තිබෙන බව සදහන් වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිටගම හූ තැබීම් සිදු කරන්නේ ඊළග මහ මැතිවරණයේ පූර්ව මනාප සටන ලෙස බව දේශපාලන විද්වතුන්ගේ අදහස වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *