ජනාධිපතිවරණයෙන් පස්සෙ ගෝඨව මැදමුලනෙ වලවුවෙ පිලිකන්නෙ එල්ලනවා – දඹර අමිල හිමි

443

ජනාධිපතිවරණය හේතුවෙන් මේ වන විට තරගකරුවන් අතරේ උණුසුම් වාතාවරණයක් උද්ගත වී තිබෙනවා. එක් එක් පාක්ෂිකයින්ට සහය දක්වන අය අතරේත් ඇත්තේ එවන් වාතාවරණයක්. සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකට එක්වෙමින් පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙවර ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා මැදමුලන වලව්වේ පිලිකන්නේ එල්ලන බව ප්‍රකාශ කරනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ සදහන් කර සිටියේ 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැදමුලනේ ඉදිරියේ ජනේලයක එල්ලූ තම කදවුරට එම කටයුත්ත අපහසු වන්නේ නැති බවයි.

උන් වහන්සේ ගාළු මුවදොරදී දී පැවැති ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනුයි මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *