හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ආයාචනා කොට නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කර ඇත. එමෙන්ම අද දින (23) ඔහුගේ එම ඉල්ලීම සලාකා බලන මෙන්ද අයදුමෙන් ඉල්ලා සිට ඇත.
එසේම මේ සිද්ධිය සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 19වන දිනද තමා අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අධිකරණය හමුවේ ඉදිරිපත් කල අපේක්ෂිත ඇප අයදුම් පතද අත්අඩංගුවට ගැනීම කුමන වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙන් 20වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබීය.