LATEST NEWS
Search

ජනපතිගේ 22 හැවිරිදි පෙම්වතිය පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි.

529

 


බෙලරුස් රාජ්‍යයේ පළමු ජනාධිපතිවරණයේ සිට වර්තමානය තෙක් පස්වරක්, අවුරුදු 25ට අධික කාලයක් ජනපති ධූරය හොබවනු ලබන්නේ 65 හැවිරිදි කලකට පෙර යුධ හමුදා සේවයෙන් ඉවත්වී සමූහ ගොවිපලක් පවත්වාගෙන ගිය අලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ විසිනි.

නොවැම්බර් මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අලෙක්සැන්ඩර් ලුකෂේන්කෝගේ පක්ෂය ජයග්‍රහණය කල පළමු වරට විපක්ෂ කණ්ඩායමකට පාර්ලිමේන්තු ආසන දෙකක් හිමි විය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූවන් අතර 2018 චීනයේ පැවැත්වූ ලෝක රූ රැජින තේරීමේ තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගත් 22 හැවිරිදි මරියා වැසිල්විච් නම් තරුණියද පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

ඇයගේ ජයග්‍රහණය තුළ පුදුමයට කරුණ නම් ඇයි කිසිඳු. දේශපාලන රැස්වීමකට හෝ මාධ්‍ය හමුවන්ට සහභාගි නොවී තිබීයදිත් ඉතා පහසු ජයග්‍රහණයක් ඇයට හිමි වීමයි.
2018 චීනයේ පැවති ලෝක රූ රැජින තේරීමේ තරඟයට පෙර සිටම ජනපති අලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ ඇයගේ සියලු කටයුතු වලට සහය දක්වා ඇති ඇයය දේශපාලනයට අවතීර්ණ වීමටද සහය දක්වා ඇත.

එරට ජනතාව සහ ලෝක ජන මාධ්‍ය පවසන ආකාරයට ජනපති අලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ සහ මරියා අතර ප්රේම සබඳතාවක් පවත්වාගෙන යයි. ⁣ 2018 චීනයේ පැවති රූ රැජින තරඟයෙන් පසුව මරියා සහ ජනපති අලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ බොහෝවිට රූපවාහිනි මාධ්‍යන් තුලද දැකගත හැකි විය. ජනපති අලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ සහ මරියා 2018 රුසියාවේ පැවති ලෝක පාපන්දු අවසන් මහ තරඟාවලියදට සහභාගී විය. එමෙන්ම බෙල්රුස්හි පැවති සාදයකදී දෙදෙනා සමඟ එක්ව නර්තනයක් ඉදිරිපත් කල අතර එය සජීවීව රූපවාහිනී මාධ්‍යන් තුලද විකාශය කෙ⁣රිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *