LATEST NEWS
Search

සුණඛ ආහාරවලින් බඩගිනි නිවාගත් පුංචි කෙල්ල

533

 

මගෙ අම්ම මාව අත ඇරල දානකොට මට වයස අවුරුදු හතයි. මම ජීවත් වුනේ තාත්තයි කුඩම්මයි එක්ක. කෑම නොකා මම දවස් ගණං බඩගින්නෙ ඉඳල තියනව. කුඩම්මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් මගෙ බඩගින්න වැඩිකමට මම අපේ බල්ලට දාල තිබ්බ කෑමවල ඉතුරු ටික කන්න පුරුදු උනා. මම බල්ලගෙ ඉතුරු කෑම කද්දි අල්ලපු ගෙදර පිරිමි ළමයා ඒක දැකලා එයාගෙ අම්මට කියලා තිබුනා.

අල්ලපු ගෙදර ළමයගෙ අම්මා එදා හවස එයාලගෙ ගෙදරට ආරාධනා කරා. එයාගෙ අම්මට දැන ගන්න ඕන උනා මම බලු කෑම කාපු එක ඇත්තම ඇත්තද කියල. මම හොඳටම බය උනා. කොච්චර බය උනාද කියනව නම් කුඩම්මට කියන්න එපා කියල ඇය ඉදිරියේ බැගෑපත් වෙන්න මට සිද්ද උනා. ඇය හොඳටම හඬා වැලපුනා. ඊට පස්සෙ ඇය මට හැමදාම කෑම දෙන්න පොරොන්දු උනා.

මාව බඩගින්නෙ තියන එක මදි කියල හිතපු හින්ද වෙන්න ඇති සමහර වෙලාවට කුඩම්ම මට කලන්තෙ දාල වැටෙනකන්ම ගැහුව. මගේ යෝනි මාර්ගෙයි, අත් කකුල්වලයි, බෙල්ලෙයි ගම්මිරිස් ගාල දවස් ගනං මාව කක්කුස්සියට දාල වහල තිබ්බ.ඒත් මම ඉගෙන ගන්න එක නතර කළේ නැහැ. මොකද පැනගන්න තියන එකම ක්‍රමය ඒක විතරයි කියල මම හොඳටම දැනගෙන හිටියා.

– නයිජීරියානු ජාතික නීතීඥ Awele Ideal




Leave a Reply

Your email address will not be published. Required fields are marked *