LATEST NEWS
Search

හීත් ලෙජර්ගේ ජෝකර් චරිතය පිටුපස සැඟවුන කතා

823

හීත් ලෙජර් ජෝකර් ලෙස රඟදැක්වූ චරිතය
තවමත් බොහෝදෙනා ආදරය කරන චරිතයක්වන අතර ඔහු එම චරිතය භාරගත් ලාබාලම රංගන ශිල්පියාද විය.

බොහෝ අය පවසන ආකාරයට ලෙජර් මෙම චරිතයට අවතීර්ණය වීම ඕනෑවටත් වඩා සිදු වී ඇති බව සහ ඔහුගේ මෙම චරිතයට අවතීර්ණය වීමේ උත්සාහය බොහෝ දුරට ගොස් ඇති බවයි. එනම් ඔහුගේ එම උමතුව මානසික අවපීඩනයට හේතු වී ඇති අතර අධික ලෙස වේදනා නාශ. භාවිතය ඔහුගේ මරණයට හේතුවී ඇත. ලෙජර්ගේ සමීපතයන් පවසන්නේද ලෙජර් ජෝකර් චරිතය නිරූපණය කරන කාලය තුල ඔහු බොහෝ ලෙස වෙනස් වු බවයි.

ලෙජර් ලොකයේ බැට්මෑන් ඉතිහාසයේ හොඳම ජෝකර් වූ අතර, හීත් ලෙජර් ජෝකර්ගෙ චරිකය පිටුපස සැඟවුණු බොහෝ කතා ඇත.

1. ඔහුගේ ජෝකර් චරිතය පළමු වරට දුටු මයිකල් කේන්(Alfred) ද භීතියට පත් විය

කේන් The Dark Knight චිත්රපටියේ බට්ලර් එනම් Alfred ගේ චරිතය නරූපණය ක⁣ල අතර ජැක් නිකල්සන් සහ ලෙජර්ගේ මෙම ජෝකර් චරිකය නිරූපණය කිරීම අතර විශාල වෙනසක් ඇති බව ඔහුද පවසයි. ජැක්ගේ නිරූපණය කරන ජෝකර් චරිතයේ හාස්‍යජනක හැඟීමක් ඇති නමුත් ලෙජර්ගේ ජෝකර් චරිතයේ සැබෑ මනෝ ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයකු දුටු බව ඔහු පවසයි.

එමෙන්ම මයිකල් කේන් සහ ලෙජර් පෙර පුහුණු වීම් වල යෙදුන පළමු අවස්ථාවාවේදී විදුලි සෝපානයේ දර්ශන රෑගත කිරීම සිදු වූ අතර එහිදී හීත් ලෙජර්ගේ රංගනය කෙතරම් තීව්‍ර වීද යත් මයිකල් කේන් බිය පත්වී ඔහුගේ දෙබස් පවා ඔහුට අමතකි වී ඇත.

2.හීත්ට මුලින් අවශ්‍ය වූයේ බැට්මෑන් රඟපෑමටය

ලෙජර්ට බැට්මෑන්ගේ චරිතය නිරූපණය කිරීමට අවශ්‍ය වුවද ක්‍රිස්ටියන් බේල් එම භූමිකාව ලබා ගත්තත් නිෂ්පාදකයන් පසුව තේරුම් ගත්තේ ඔහු ජෝකර්ගේ චරිතයට වඩාත් ගැලපෙනු ඇති බවයි.ලෙජර් බැට්මෑන් චරිතය රඟපෑවා නම් චිත්‍රපටය කොතරම් වෙනස් වියහැකිදැයි ඔබ කවදාහෝ සිතා ඇත්ද?

3.දින 43 පුරාවට කාමරය තනි වී සිටීම.

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර, ලෙජර් දින 43 ක් පුරාවට කිසිවකු මුණ නොගැසී කාමරයක් තැල සිරවී පුහුණු වීම කල අතර – ඔහුට අවශ්‍ය වූයේ ජෝකර් චරිතය මෙන් ලෝකයෙන් හුදෙකලා වීමටත්, සම්පූර්ණයෙන්ම හා සැබවින්ම තනිවම සිටීමේ හැඟීම තේරුම් ගැනීමටත් ය. ඔහු එයට සම්බන්ධ වීමසමඟ ඔහුගේ ඔහුගේ සහකාරිය වන මිෂෙල් විලියම්ස් සමඟ ඇති සබඳතාවට බලපාන්නට විය.

4 දූෂ්ඨයකගේ චරිතය නිරූපණය කර ඔස්කා සම්මානය දිනාත් පළමු නලුවාද ලෙජර් විය.

81 වන ඇකඩමි සම්මාන උළෙලේදී ඩාර්ක් නයිට් චිත්‍රපටය සම්මාන අටක් සඳහා නිර්දේශ කරන ලදී. ජෝකර් ලෙස රඟපෑම වෙනුවෙන් හොඳම සහායක නළුවා ලෙස ලෙජර් සම්මානයට පාත්‍ර විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *