LATEST NEWS
Search

MCC ගිවිසුමෙ සියල්ලටම විරුද්ද නමුත් එහි දැක්වෙන රටට හිතකර එක් ප්රතිපත්තියක් ඇත. ඒ ප්රවාහන ප්රතිපත්තියයි.

854

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන පාර්ලිමමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් මා හැමදාමත් කියලා තියෙන්නේ එකම කතාව. 2019 නොවැම්බර් 05 පැවැති හිරු බලය වැඩසටහනේදී, 2019 ඔක්තෝම්බර් මස පැවති හිරු සලකුණ වැඩසටහනේ දී, ඒවගේම MCC ගිවිසුමට එරෙහිව අප විසින් බිහිකල STOP USA සංවිධිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා 2019 නොවැම්බර් 01 දා. එම මාධ්‍ය හමුවේදී මා මේ පිළිබඳව අදහස් පළ කළා.

මේ සියල්ලේදීම මා කිව්ව දේමයි දෙසැම්බර් මස 7 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී මා ප්‍රකාශ කළේ.

සමස්තයක් ලෙස ගත්තම අප MCC ගිවිසුමට විරුද්ධයි. ප්‍රවාහන ව්‍යාපෘතියට විරෝධයක් නොමැත. විරෝධය ඇත්තේ ඉඩම් ව්‍යාපෘතියටයි කියන එක අප හැමදාමත් කිව්වා.

ඒක එදා විතරක් කියපු අලුත් කතාවක් නොවේ. එදා විපක්ෂයේ සිටියදී කී කතාවමයි අප අද ආණ්ඩුවේ ඉඳලත් කියන්නේ. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සමයේ කළෙත් බොරුව. අප ජනාධිපතිවරණය දින්නට පස්සේ ඔවුන් ස්විස් නාඩගම හරහා කළෙත් බොරුව. 2015 බලයට ආවෙත් බොරු කියලා.

බලයේ හිටියෙත් බොරු කියලා. පැරදිලා ගිහිල්ලා තාම කරන්නෙත් බොරුව. මේ බොරුවල එල්ලිලා දිගින් දිගටම යන්න එපා කියලා අප තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

හැමදාමත් අප එකම මතය කියලා තියෙනවා. එක්තරා මාධ්‍ය ආයතනයක් විතරක් මගේ කතාව විකෘති වන ආකාරයෙන් සංස්කරණය කරලා විකාශනය කරල තිබුණා.

අනික් මාධ්‍ය ආයතනවලින් නම් එවැනි විකෘතියක් සිදුවෙලා තිබුනේ නෑ. මගේ වෙබ් අඩවියට ගිහින් බැලුවොත් ඉතිහාසය පුරාම මම කියල තියෙන්නේ එකම කතාවයි කියන එක තමුන්නාසේලාට දකින්න පුලුවන්.

– අරවින්ද අතුකෝරල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *