LATEST NEWS
Search

සංඝරත්නයට මින්පසු දේශපාලනය තහනම්..

639

සියාමොපාලී මහා නිකායේ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධර්ම හිමි ඉල්නා සිටින්නේ කිසිඳු දේශපාලන පක්ෂකින් එළඹෙන මහමැතිවරණයේදී භික්ෂු වහන්සේලාහට නාම යෝජනා නොදෙන ලෙසයි.

උන් වහන්සේ පවසා සිටින්නේ භික්ෂුවට පැවරී ඇති වගකීම් හා යුතුකම් මනාව ඉටුකරීම මගින් සංඝයා වහන්සේලාට රට වෙනුවෙන් විශාල සේවයක් කල හැකි බවයි.

උන්වහන්සේ තව දුරටත් ප්රකාශ කලේ, අපේ භික්ෂූන් දේශපාලන කටයුතු නිසා භික්ෂුවකට නොසුදුසු ලෙස හැසිරෙන බවත්, එහි ප්රතිඵලයක් ලෙස ලෝකයේ සංඝරත්නයට තිබූ ගෞරවයද නැති වී ගොස් ඇති බවයි. මේ කරුණු හේතු කොට ගෙන සංඝයා වහන්සේලා දේශපාලනයෙ නිරත නොවිය යුතු බවත් භික්ෂුව යනු දේශපාලනයෙ නිරත නොවිය යුතු කෙනෙකු බවත් භික්ෂුව දැනගත යුතු බවත් උන්වහන්සේ පවසා සිටියහ. උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ සංඝරත්නය සිදු කල යුත්තේ රටේ නායකයන්ට හරි වැරදි පෙන්වා දීම පමණක් බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *