ඩොලර් 120,000 මෙම වටිනා කෙසෙල් ගෙඩිය ඉදරිපත් කර තිබුනේ කලා ප්‍රදර්ශනයකට වන අතර එම කලා ප්‍රදර්ශනය ආට් බේසල් නම් වූ අතර පැවැත්වූයේ මයාමි වෙරළ තීරයේය. මෙම ප්‍රදර්ශනය සුප්‍රසිද්ධ ස්විට්සර්ලන්ත චිත්‍ර ප්‍රදර්ශනයක් විය.
මෙම ප්‍රදර්ශනයට මොරිසියෝ කැටෙලාන් යන සුප්‍රසිද්ධ කලාකරුවාද සහභාගි වූ අතර බ්‍රිතාන්‍යයේ බ්ලෙන්හයිම් මාලිගයෙන් සැප්තැම්බර් මාසයේ දී සොරකම් කරන ලද ඩොලර් මිලියන 5 ක වැසිකිළිය නිර්මාණය කලේද මොරිසියෝ කැටෙලාන් විසින්ය.
මෙම ප්‍රදර්ශනයේදී ඔහු විසින් කෙසෙල් ගෙඩියක් ඔහුගේ කලා කෘතිය ලෙස ඉදිරිපත් කර තිබු අතර එය නම් කර තිබුනේ විකටයා(The Comedian) ලෙසයි. මෙය දැකපු බොහොමයක් දෙනා පුදුමයට පත් වූ අතර රංගන ශිල්පියෙකු විසින් එය ඩොලර් 120,000 මුදලට මිලදීගෙන ඇති අතර ඔහු පවසන්නේ ඒ පිළිබඳ ඔහු කණගාටු නොවන බවයි.