කිට් කැට් වල වියදම අඩු කරන්න එකතු කල වේෆර්ස්

749

කිට් කැට් යනු වසර ගණනාවක් තිස්සේ ලොව පුරා ඔබ අප සියලු දෙනා රස විඳින චොකලට් වර්ගයක් වන නමුත් කිසිදා හො ඔබ සිතුවාද මේ කිට් කැට් චොක්ලට් නමුත් එය පැමිණියේ කොහෙන්ද? අපි කිට් කැට් වලය මේ තරම් ආස ඇයි කියලා

කිට් කැට් අවුරුදු 84 ක් පමණ පරණ චොක්ලට් එකක් වන අතර කිට් කැට් ප්‍රථම වරට 1935 අගෝස්තු 29 වනදා ලන්ඩනයේදී නිකුත් කරන ලදි. එමෙන්ම පළමු කිට් කැට් චොකලට් බාර් එක 4 Finger චොකලට් වේෆර් බාර් එකක් විය.


කිට් කැට් චොක්ලට් වලට වසර ගණනාවක් තිස්සේ විවිධ නම් භාවිතා කර ඇති අතර එය මෙම වසර 84 පුරාවටම
කිට් කැට් ලෙස නම් කර තිබීද නැත. 1935 පළමු නිෂ්පාදිතය නිකුත් කරන විට එය “රවුන්ට්‍රීගේ චොකලට් ක්‍රිස්ප්” ලෙස නම් කරන ලද අතර එය වසර දෙකකට පසුව කිට් කැට් චොකලට් ක්‍රිස්ප් ලෙස නම් කරන ලද අතර කිට් කැට් යන නම පැමිණියේ කොතැනින්ද යන්නද තවමත් අවිනිශ්චිතය.එය 18 වන ශතවර්ෂයේ සිටම සුලු ආහාරයක් ලෙස නම් කර තිබූ අතර ලන්ඩනයේ රැස්වීම් ස්ථානයකින් වන කිට් කැට් ක්ලබ් යන්නෙන් මෙම මෙම නම ලැබී ඇති බව ද කියනු ලැබේ. එය 1949 වන තෙක් “චොකලට් ක්‍රිස්ප්” යන නම භාවිතා කර ඇති අතර එතැන් පටන් කිට් කැට් ලෙස නම් කර ඇත.


යුධ කාලයේ සලාක නිසා කිට්-කැට් සාදන වට්ටෝරුව වෙනස් විය.

දෙවන ලෝක යුද්ධයට පෙර චොකලට් ආලේපිත වේෆර් බාර් එක නිකුත් කල අතර මින් අදහස් කරන්නේ යුද්ධයේ දී සලාකනය හේතුවෙන් බාර්එකෙහි ඇති සමහර අමුද්‍රව්‍ය වෙනස් කිරීමට සිදු වූ බවයි. මෙම අමුද්‍රව්‍ය වෙනස් කිරීම නිසා චොකලට් බාර් එක රසවත් නොවූ අතර මෙය සමාගමටද ගැටලුවක් විය. දෙවන ලෝක යුද්ද කාලය තුල කිට් කැට් සමාගම තම වෙළඳ දැන්වීම් පවා වෙනස් කළ අතර එය මිනිසුන්ගේ උනන්දුව හා පක්ෂපාතිත්වය රඳවා ගත හැකි වන ඇතැයි ඔවුන් බලාපොරොත්තු විය. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වන විට එය නැවත එහි මුල් වට්ටෝරුව සහ ඇසුරුම්කරණය වෙත ආපසු හරවන ලදි.


කිට් කැට් WWII සමයේ නිල් පාට දවටනයක් සහිත විය

දෙවන ලෝක යුද්ධ සමයේ කිරි හිඟයක් පන නැගුණු අතර එබැවින් කිට් කැට් බාර්වල කිරි(milk) චොකලට් වෙනුවට Dark චොකලට් යොදාගැනීමට ද රොව්න්ට්‍රීට සිදුවිය.
සමාගම විසින් චොක්ලට් දවටනයද රතු සිට නිල් දක්වා වෙනස් කර “චොකලට් ක්‍රිස්ප්” එහි මාතෘකාවෙන් ඉවත් කරනු ලැබූවේ මෙම කාලය තුළදීය.

කිට්කැට් රස වරග් 300කින්

මේ වන විට කිට් කැට් විවිධ රස වර්ග 300කින් පමණ ඇති අතර 1996 දී පළමු රස වර්ගය වන දොඩම් රසැති කිට් කැට් චොක්ලට් එක නිකුත් කල අතර 2000 වර්ෂයේ සිට කිට් කැට් සීමිත් නිශ්පාදන සහ සීසනල් රස වර්ග 200 පමණ චොක්ලට් නිශ්පාදනව කර ඇත.


වියදම අඩු කරන්න එකතු කල වේෆර්ස්

කිට්කැට් තුල වේෆර් ඇතුලක් කර ඇත්තේ එහි නිශ්පාදන පිරිවැය අඩුකිරීමට වන අතර සම්පූර්ණ චොක්ලට් බාර් එකක් නිශ්පාදනට ඝණ චොක්ලට් පමණක් යොදාගත්තේ නම් නිශ්පාදන පිරිවැයද ඉතා අධික වනු ඇත. මෙය මූලික හේතුව වී ඇත්තේ කොකෝවා ඇට වේෆර් බිස්කට් වලට වැඩා මිල අධික වීමයි.

කිට්කැට් රොව්න්ට්‍රීගේ වැඩිපුරම අලෙවි වන නිශ්පාදනය බවට පත් විට

නිශ්පාදන කොට පළමු වසර දෙක ඇතුලත කිට්කැට් රොව්න්ට්‍රීගේ වැඩිපුරම අලෙවි වන නිශ්පාදනය බවට පත් වූ අතර දැනටමත් කිට්කැට් හි අයිති සමාගම වන නෙස්ලේ සමාගම විසින් 1988දී රොව්න්ට්‍රීගේ ද කිට් කැට් නිශ්පාදනය පවරා නෙස්ලේ සමාගම වෙත පවරා ගන්නා ලදි


1999 වසරේදී කිට් කැට් චන්කි නිකුත් විය.

ප්‍රමාණයෙන් වෙනස් චොක්ලට් එකක් නිශ්පාදන කිරීම මගින් නේස්ලේ සමාගමට එකම චොක්ලට් වර්ගයෙන් වෙනස් පාරිභෝගිකයන් පිරිසක් වෙත ලඟාවීමට හැකි විය. එමෙන්ම පාරිභෝගිකයන්ද අලුත් චොක්ලට් නිශ්පාදිත අත්හදාබැලීමටද මිලදි ගත්තේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *