දවසෙම නිදියන කෝලා වලසුන්

859

ඔබ අප බොහෝ දෙනා කෝලා වලසුන් ලෙස සිතුවත් ඇත්තටම කෝලා යනු වලසුන් වර්ගයක් නොවන අතර කෝලා වලසුන්ට කැන්ගරුවන් සහ වුම්බැට්(womabats) සමඟ සමඟ සම්බන්ධතාවයක් ඇත.

මෙම කෝලා වලසුන්ගේ දිග අඟල් 25 ත් 35ත් අතර වන අතර මොවුන්ගේ බර රාත්තල් 30 හෝ ඉට අඩුය. එමෙන්ම කෝලා වලසුන් ඉපඳුන ගමන්ම ඔවුන්ගේ දිග අඟල් 1ට වඩා අඩුවන අතර  අලුත උපන් කෝලා වලසුන් මාස 6ක පමණ කාලයක් තම මව් තුරුලේ රැඳේ. එමෙන්ම අලුත උපන් කෝලා වලසුන්ගේ ඇස් සහ කන්ද වසා ඇති අතර අලුත උපන් කෝලා වලසුන්ට ලෝම්ද නැත.

කෝලා යන වචනයේ තේරුම වන්නේ “පානය නොකරන සතෙකු” යන්නයි. කෝලා වලසුන් යුකැප්ටලිස් කොළ ආහාරයට ගන්නා අතර කලාතුරකින් ජලය පානය කරයි. එමෙන්ම කැන්ගරුවා තම පැටව් රැගෙන යන මෙන් කෝලා වලසුන්ටද තම පැටව් තම බඩේ රඳවාගෙන යාමට හැකියාව ඇති අතර කෝලා වලසුන් කිසිඳු ලෙසකින්වත් වලස් වර්ගයටද අයත් නොවේ.

කෝලා වලසුන් දිනකට පැය 20 පමණ නිදාගන්නා අතර ඔවුන් බොහෝවිට තිනවම වාසය කරති. සෑම පිරිමි කෝලා වලසකුගේම පපුවේ සුවඳ ග්රන්ථියක් ඇති අතර ඔවුන් ඔවුන්ගේ භූමිය සළකුණු කිරීම සඳයා එය ගස් මත අතුල්ලති. එමෙන්ම ගැහැණු කෝලා සතෙකුට වසරකට උපත ලබන්නේ එක් කෝලා වලසකු පමණි.

සම්පූර්ණයෙක් වැඩුණු කෝලා වලසකු රාත්‍රියකට කොළ රාත්තල් 2.2ක් පමණ ආහාරයට ගනී. මෙම කොලා වලසුන් බොහොවිට ඔස්ට්‍රේලියාවේ දක්නට ලැබේ. කෝලා වලසුන්ගේ හතර වැනි වියේදී ඔවුන් සම්පූර්ණයෙන්ම වර්ධනය වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *