LATEST NEWS
Search

කඳුකරයේ සැඟවී ඇති අභිරහස් කතා.. දෙවන කොටස (සත්‍ය කතා ඇසු⁣රින්)

175

බෙන් මැක්ඩුයි කන්දේ අභිරහස

ඔහු පළපුරුදු කඳු නගින්නෙක් විය නමුත් ඔහු දුටු සහ සහ ඔහුට දැණුන භයානක සිද්ධියෙන් ඔහු ආපසු එම කඳුකරයට නොඑන තරමටම භීතියට පත් විය. මෙම කඳුකරයේ මෙම සිද්ධියට මුහුණ දුන් එකම පුද්ගලයාද ඔහු නොවේ.

ස්කොට්ලන්තයේ කේන්ගෝර්ම්හි හදවත බඳු ස්ථානයේ මෙම කන්ද පිහිටා ඇති අතර මෙම කන්ද බ්රිතාන්‍ය දූපත් වල පිහිටා ඇති දෙවන උසම කන්දයි. මෙම කන්ද ප්රසිද්දියට පත් වී ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසා නොව එහි සිදුවන මේ පැහැදිලි කර ගත නොහැකි අභිරහස් නිසාමය.

කඳු නගින්නන් පිටුපස ලුහුබඳින අමුතු අඩි ශබ්දය

මෙම කන්දේ විශාල අලු පැහැත සතකු වාසය කරනු ලබන බව පැවසෙන අතර මෙම කන්ද පිහිටා ඇත්තේ ස්කොට්ලන්තයේය. බොහෝ දෙනා මෙම අලු පැහැති සතා හඳුන්වනු ලබන්නේ “විශාල අලු මිනිසා” යනුවෙනි.

පළමු වාර්තා වලට අනුව මෙහි පළමු සිදුවීම 1890දී නාදුනන පුද්ගයකුගෙන් වාර්තා වී ඇත. ප්‍රසිද්ධ කඳු නගින්නන්ගේ සංගමයක් වන කෙන්ගෝර්ම් සංගමයෙහි වාර්ෂික රැස්වීමේදී 1925දී මහාචාර්ය නෝමන් කොලී ඔහුගේ මෙම භයානක අත්දැකීම විසතර කල අතර ඔහු පැවසුයේ මෙම සිදුවීම සිදු වී ඇත්තේ මීට වසර 3ට පෙර බවත් එනම් ඔහු මැක්ඩුයි කන්දෙක් බැස යාමේදී බවත්ය.

ඔහු පැවසූයේ එහි ” මීදුමක් පැවති අතර නරක කාළගුණික තත්වය නිසා කඳු නැගීම දුෂ්කර විය” එමෙන්ම මාහාචාර්ය නෝමන් පැවසු⁣යේ “මම ආපසු යන විට මගේ අඩි පා⁣රේ ශබ්දය හැර වෙනත් ශබ්දයක් මට ඇසුන අතර මම තැබූ සෑම අඩියකම ශබ්දයට අමතරව වෙනත් ශබ්දයක්ද මට ඇසුනි, එනම් යමෙක් මා පසුපස එන බව මට හැඟී ගියේය, නමුත් මගේ දිග මෙන් තුන් හතර ගුණයක් පමණ පියවරා ගන්නවා වගේ” යනුවෙන්ය

තවද ඔහු පැවසූයේ “අවසානයේ මා ඉතා භීතියට පත් වූ අතර මා මා පුලුවන් ඉක්මනින් දුවන්න පටන් ගත් අතර මා රොතිමර්චස් වනාන්තරයට ලඟා වන තෙක්ම සැතපුම් පහක් පමණ අඳුරේම ගමන් කලේය, මා පසුපස ආවේ කුමක් වුවක් එය ඒ වන විට නැති වී ගොස් තිබිනි” යනුවෙන්ය. අවසානයේදී පවසන්නේ “බෙන් මැක්ඩුයි කන්දේ කුමක් හෝ අභිරහස් ඇති අතර මම නැවත එහි තනිවම නොයමි” අදටත් මෙම කන්දෙ අභිරස එලෙසම පවතින අතර තවත් මෙව කන්දේ භයානක අත්දැකීම් ඇති අතර එය මෙක්ඩුයි කන්දේ අභිරහස දෙවන කොටසින් ඔබට ගෙන එමි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *