LATEST NEWS
Search

පිළිගැනීමේ නිළධාරිනියක් ලෙස රැකියාව කොට බිලියනපතිනියක් වූ කාන්තාව

273

අලිබබා හිමිකරු ජැක් මා සමඟ ඉහත රූපයේ සිටින්නේ අවුරුදු 16ට පෙර පිළිගැනීමේ නිළධාරිනියක් ලෙස ඔහුගේ සමාගමට එක් වූ ටොං වෙන්හොංය.

ජැක් මා තම සමාගමේ කොටස් වෙන් කරන විට තම සමාගමේ පිළිගැනීමේ නිළධාරිනිය වන ටොං වෙන්හොංට ද 0.2% කෝටස් ලබා දුන් අතර ඔහු ඇයට පවසා සිටියේ අලි බබා ජනතාව අතරට ගිය විට එම 0.2% සමාගම් කොටස් බිලියන සිය ගණනක් වටින බවත් එමනිසා තම සමාගම තල රැදෙන ලෙසත්ය. ජැක්මා ඉල්ලීම් කල පරිදිම ඇය වසර ගණනාවක් බලාගෙන සිටියත් අලිබබා මිනිසුන් අතරට ගියේ නැති අතර 2004 වසරේදි ජැක් මා ගෙන් ඇය අසා ඇත්තේ “අලිබබා ප්රසිද්ද වන්නේ කවදාද” යන්නය. එවිට එයට ජැක් මා පවසා ඇත්තේ “ඉක්මනින්” යනුවෙනි.

කාලයත් සමඟම 2014 වසරේ සැප්තැම්බර් මාසයේ නිව්යෝක් කොටස් වෙළඳපලේදී අලි බබා සමාගමට 245.7වටිනාකමක් එකතු වූ අතර පිළිගැනීමේ නිළධාරිනයකු ලෙස සමාගමට එක් වූ ටොං ගේ කොටස් වල වටිනාකම මිලියන 320ක් දක්වා වැඩි වූ අතර ඇය දරන් අලිබබා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *