වනජීවි සංචාර සඳහා ආසියාවේ හොඳම රට ලෙස ශ්‍රී ලංකාව පළමු ස්තානය ගෙන ඇති අතර ක්වාලාලම්පූර් හි පැවති උත්සවයකදී ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා මේ සඳහා සහභාගි වී ඇති අතර ආසියවේ වනජීවි සංචාරයට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වී ඇත.
පිර්මියර් බිස්නස් සහ පිපල් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් යන සඟරා වලට හිමිකම් කියන RHA යන මාධ්‍ය ආයතන විසින් ආසියානු රටවල් පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් අනුව වනජීවි සංචාරය සඳහා ආසියාවේ හොඳම රටවල් ලෙස රටවල් 5ක් ලයිස්තුගත කොට ඇති අතර ඉන් පළමු ස්තානය ශ් ලංකාවට හිමි වී ඇත.
මැලේසියාව ප්රමුඛ ආසියානු රටවල් 20 මෙම අවස්ථාවට සහභාගි වී තිබුනි.