LATEST NEWS
Search

ගෝලීය උශ්ණත්වය පාලනය කරන්න ඔබත් දායක වෙන්න

453

ඔබත් ස්වභාවදහමට ආදරය කරන කෙනෙක් නම් පුංචිම පුංචි දේවල් ටිකක් කරන්න දායක වෙලා ගෝලීය උශ්ණත්වය අඩු කරන්න උදව් වෙන්න පුලුවන්.

එක බල්බයක්වත් මාරු කරන්න.

ඔබගේ නිවසේ බාවිතා කරන සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට සංයුක්ත ප්රතිදීප්ත විදුලි බල්බයක් බාවිතා කරන්න. එමගින් පරිසරයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් රාත්තල් 150ක් පමණ ඉතිරි වනු ඇති.

අඩුවෙන් රිය පදවන්න.

ඔබගේ ගමන් සඳහා බයිසිකලයක් බාවිතා කරන්න, කෙටි දුරක් නම් නම් ඇවිදින්න, නැතහොත් පොදු ප්‍රවාහන සේවයක් බාවිතා කරන්න. ඔබ රිය පදවන සෑම සැතපුමකටම කාබන්ඩයොක්සයිඩ් රාත්තල් එකක් පම වැය වන අතර ඔබ ඉහත විකල්ප ක්‍රම වලට යොමු වීමෙන් එයද ඉතිරි වනු ඇති.

ප්‍රතිචක්‍රීකරණය කරන්න
අපගේ නිවෙස්හි ඇති අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වසරට ප⁣රිසරය මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් රාත්තල් 2400 පමණ ඉතිරි කරගත හැක.

උණුවතුර අඩුවෙන් බාවිතා කරන්න.
ජලය උණුසුම් කිරීමට විශාල ශක්තියක් වැය වන අතර පුලුවන් තරම් සාමාන්‍ය වතුර හෝ අඩුවෙන් උණුවතුර බාවිතා කරන්න. මෙමගින් වසරකට ඔබගෙන් පරිසරයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය රාත්තල් 500න් පමණ අඩු වේ.

විශාල ලෙස ඇසුරුම් කල නිශ්පාදන බාවිතය අඩු කරන්න.
ඔබගෙන් පරිසරට මුදාහැරෙන කසල ප්‍රමාණය  10%න් අඩු කල විට ඔබ පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් රාත්තල් 1200 පමණ අඩු කල හැකි වේ.

ගසක් සිටුවන්න
ඔබ සිටවන තනි ගසක් ජීවිත කාලය තුල කාබන්ඩයොක්සයිඩ් ටොන් එකක් අවශෝෂණය කරයි.

විද්‍යුත් උපකරණ අක්රිය කරන්න.
විද‍්‍යුත් උපකරණ භාවිතා නොකරන සෑම විටකම ක්රියා විරහිත කිරීම මගින් පරිසරයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් රාත්තල් දහස් ගණනක් අඩු කල හැක

ප්‍රමාණය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *