LATEST NEWS
Search

වෛද්‍ය ෂාෆිට විරුද්ධව නැවතත් නඩු

102

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවයේ යෙදුණු ‍ෂාෆි ෂෙහෙබ්දීන් නම් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරිමේදී සිංහල මවුවරුන් එක්දහස් දෙසීයකට අධික පිරිසක් වඳ භාවයට පත් වූවා යැයි කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අලූතින් විමර්ශන ආරම්භ කොට ඇති අතර අගතියට පත්වූ මවුවරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවතත් ප‍්රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත.

මෙම වඳ සැත්කම් සිද්ධිය පිළිබඳව මුලින් විමර්ශන පවත් වනු ලැබූවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා යන නිලධාරීන් පිරිසක් විසින් වන අතර ඔවුන් සිදු කරල විමර්ශන ඉතාම පක්‍ෂග‍්රාහීව සිදු කොට ඇති බවට බොහෝ දේශපාලනඥයන්, වෛද්‍යවරුන් සහ හාමුදුරුවන් ඇතුලු විශාල පිරිසක් විසින් චෝදනා කොට ඇත.

වර්තමාන රජය බලයට පැමිණීමෙන් පසු වෛද්‍ය ෂාෆිට එරෙහිව සිදු කරන විමර්ශන කටයුතු සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායක් පත් කොට ඇති අතර ෂාෆි ෂෙහෙබ්දීන්ට එරෙහිව විභාග වන නඩුව ලබන 16 වැනිදා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *