ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අචාර්ය නාලක ගොඩහේවා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර නොමැති සමහර පුද්ගලයින් බලධාරීන් විසින් විවිධ තනතුරු සඳහා පත් කර ඇති බවත් කෙසේ වෙතත් පත්වීම්වලින් 90 – 95% ක් විශේෂඥ කමිටුව පත් කළ බවත් එය හොඳ ආරම්භයක්, බවත් ඔහු පැවසීය.
එතුමා වැඩි දුරටත් පවසා ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වන විට ඔහු රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බවත් මෙම කමිටුවට කිසිවෙකු පත් කිරීමට බලය නොමැති බවත් ඔවුන්ගේ වගකීම වන්නේ තනතුරු සඳහා නාමයෝජනා සහ සුදුසුකම් සලකා බැලීම වන බවයි.