ගාල්ලේ ඉදිවුන ඩඩ්ලි සිරිසේන⁣ගේ සුවිසල් හෝටලය

935

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන අරලිය ග්රීන් සිටි ආදී සංචාරක හෝටල් ගනනාවක් හිටි ඩඩ්ලි සිරිසේන මහතා ගාල්ල නගරයේ පිහිටා ඇති විශාලම සංචාරක හෝටලය ඉදිකොට ඇති අතර ඒ පිළිබඳ ඔහු ෆේස්බුක් සටහනක් තබමින් පවසා සිටියේ, “තව නොබෝ දිනකින් විවෘත කිරීමට නියමිත, ගාල්ල සුන්දර උණවටුණ වෙරළ තීරයේ ඉදිවුණ මාගේ ” අරලිය ” හෝටලය..

“මෙම ව්‍යාපෘතිය මඟින් රට තුළ සෘජු සහ වක්‍රාකාර රැකියා දස දහස් ගණනක් උත්පාදනය කරමින්, ත්‍රීරෝද රථ රියදුරන්, කුඩා ආපන ශාලා හිමියන්, සංචාරක මඟපෙන්වන්නන්, හෝටල් සේවයකයන්, රියදුරන් ඇතුලු එකී මෙකී නොකී අති විශාල පිරිසකට ජීවනෝපාය සලසන රටට වැඩදායි යමක් දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත”.

“මෙමඟින් ගාල්ල උණවටුණ වෙරළ තීරයට ලෝ වාසී ජනතාවගේ වඩා වැඩි අවධානයක් සහ වටිනාකමක් ලබාදෙමින්, උණවටුණ වෙරළ තීරය සංචාරකයන්ගේ පාරාදීසයක් කිරීමට මා උපරිම උත්සාහ ගන්නා අතර වඩාත් පිරිසිඳු, ගුණාත්මක සහ කාර්‍යක්ෂම සේවාවක් ලබාදීම උදෙසා මෙම ව්‍යාපෘතිය ලොවක් හමුවේ දායාද කරමි” යනුවෙන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *