අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කිරීමට තීරණය කොට ඇති අතර මෙය අඩු ආදායම්ලාභී ජනතාව සඳහා ලබා දීමටද නියමිතව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කොට ඇති ආකාරයට මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් නිකුත් කිරීමටද නියමිතව ඇති අතර මෙමසහන මිලට ලබාදෙන අත්‍යාවශ්‍ය ආහාර අතර සීනි, තේ, හාල්, පිටි , පරිප්පු , කඩල, ළුෑණු , මිරිස්, කරවල, අල, සහ කිරිපිටි අඩංගුවී ඇත.