අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පිළිබඳ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (15) ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුන අතර ඔහු අද(16) දින බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හිටපු අමත්‍ය රන්ජන් රාමනායක මහතා මේ වනවිට රඳවා සිටින්නේ මැගසින් බන්ධනාගාරයේ ‘‘පී’’ වාට්ටුවේ වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සඳහා මෙලෙස බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද දින යොමු කිරීමට නියමිතයි.