මෙම පුද්ගලයා පෞද්ගලික රක්ෂණ සමාගමක අලෙවි නියෝජිතයකු ලෙම කටයුතු කරන අතර නීත්‍යානුකූලව විවාහ වී සිටින තම 18 හැවිරිදි බිරිඳ පෞද්ගලික ලැගුම්හල් වෙත කැඳවා ගෙන ගොස් සල්ලාලයන්ට අලෙවි කොට ඇති අතර 18 හැවිරිදි මෙම කාන්තාව කල පැමිණිල්ලක් අනුව මෙම 28 හැවිරිදි පුද්ගලයා මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ජනවාරි 13 වැනිදා මෙම 18 හැවිරිදි කාන්තාව ඔහුගේ 28 හැවිරිදි සැමියා විසින් වැල්ලවාය ඇල්ල පාරේ පිහිටි ලැගුම්හලකට කැඳවාගෙන ගොස් හමුදා සෙබලකුට අලෙවි කොට ඇති අතර එදිනම සවස ඇය තවත් ලැගුම්හලක් වෙත ගෙන ගොස් තරුණය්ක දෙදෙනෙකුට අලෙවි කොට ඇත. එහිදී මෙම කාන්තාව තවදුරටත් ඇයට මෙය සිදු කිරීමට නොහැකි බව පවසා ඇති අතර මොවුන් දෙදෙනා අතර ඇති බහින්බස් වීමකින් පසුව සැමිටා ඇයට පහර දී ඇත.
පසුව මේ පිළිබඳ ඇය විසින් මොණරාගල පොලිසිය වෙත පැමණිලි කොට ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇයව වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කොට ඇත.