පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසන පරිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ පාර්ශවය සිය නව සන්ධානයේ ගොඩනැගීමේ කටයුතු අද සිට ආරම්භ කළ අතර ඒ අනුව සන්ධාන ගත වීමට සූදානමින් සිටින පාර්ශව සමග සාකච්ඡා අද සිට ආරම්භ කොට ඇත.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ අද සිට ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් කටයුතු සිදු කිරීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමද වන බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැවසුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්වී ඉදිරි සතියේදී නායකත්ව අර්බුධය විසදීමට කටයුතු කරනු ඇති බවයි.