සජිත්ගෙ නායකත්වයෙන් මහ මැතිවරණයට

483

ඉදිරි මහ මැතිවරණය සදහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සැලසුම් කළ පරිදි එක්සත් ජාතික පෙරමුණ තරග වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්  අබේසිංහ පවසනවා.

අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ‍තවදුරටත් පවසා ඇත්තේ  ඉකුත්දා පැවති එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී පක්‍ෂ නායකත්වය සදහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කළයුතු බවට මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත හිමි වූ බවයි.

මෙම අර්බුදය විසදා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලබන සිකුරාදා යළි රැස්විය යුතු බව පක්‍ෂ නායක හිටපු අගමැති වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පැවති රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් තීන්දු කර ගත් පරිදි මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත මත එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බව අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ‍ප්‍රකාශ කල අතර මේ සම්බන්ධයෙන් අදහස් දරක්වූ දයා ගමගේ කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන්නේ මහ මැතිවරණයක් බැවින් පක්‍ෂ නායකත්වයේ වෙනසක් ඊට අවශ්‍ය නොවන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *