LATEST NEWS
Search

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවෙන් මහමැතිවරණයට, පොහොට්ටු මන්ත්‍රීවරුන් විරුද්ධ වෙයි.

636

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරු දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහ මැතිවරණයට තරඟ වදිනබව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කරමින් පැවසූයේ
මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස තමාගේම ඡන්ද කොට්ඨාශයට සේවය නොකළ මිනිසෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සේවය කළ හැක්කේ කෙසේද යන්න සැක සහිත බවයි.

තවදුරටත් ඔහු පැවසූයේ “අපි වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තොත් අපව පාරක් පාරක් ගානෙ ඇවිදින්න සලස්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපට තර්ජනය කළ විට, බැසිල් රාජපක්ෂ මහතා මඟ පෙන්වීම ලබා දෙමින් ශ්‍රී ලංකා පොඩුජන පෙරමුන පිහිටුවීමට අපට හැකි විය” යනුවෙන්ය.

තවදුරටත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පැවසූයේ

පොලොන්නරුවෙහි කළ යුතු වැඩ රාශියක් ඇති බවත් ගොඩනැගිලි කිහිපයක් හැරෙන්නට පොලොන්නරුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කිසිවක් සිදු නොවුල බවත් කිසිදු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුන බවත්ය.

එමෙන්ම ඔහු පවසා සිටියේ පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙකු පත් කළද ඔහුට වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් පානීය ජල පද්ධතියක්, දරුවන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක්, මාර්ග පද්ධතියක්, පාසල් නොමැති ළමුන් සඳහා පාසලක්, රෝහල් දාමයක් හෝ නාගරික සංවර්ධනයක් ඉදිකිරීමට පවා නොහැකි වූ බවය. රොෂාන් අමාත්‍යවරයා පවසා සිටියේ ඉතින්, ජනාධිපතිවරයෙකු ලෙස ඔහුට නොහැකි වූ දේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පොලොන්නරුවට සේවය කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවයි.

තවදුරටත් ඔහු පැවසූයේ “ඒ නිසා මට කියන්න තියෙන්නේ පොලොන්නරුවේ වැසියන්ට පවා මෙය තේරුම් ගත යුතු බවයය. බොරු කඳුළු වලට රැවටෙන්න එපා කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.” යනුවෙනුයි. තවද ඔහු පැවසූයේ “අපි මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ පොහොට්ටුවා සංකේතය යටතේ ය. අප පක්ෂ පිහිටුවාට පසු දැන් අප හා එක්වීමට කැමති නම් අපව පාරක් ගානෙ ඇවිද්දනවා ය යැයි කී ඔහු පිළිබඳ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.”යනුවෙනි.

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ පිළිබඳ පැවසුවේ පොලොන්නරූවා දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *