මාර්ග සහ මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 96ක දුරකින් යුත් එම මාර්ගය රථවාහන ගමනාගමනයට විවෘත කිරීමට නියමිත බවයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත් කරනු ලබයි.
දක්ෂිණ අධිවේගයේ මෙම කොටස මගින් රටේ ප්‍රධාන වරායන් හා ගුවන්තොටුපළවල් අතර ඉතාමත් පහසුවෙන් භාණ්ඩ හුවමාරු කල හැකි වන අතර මගීන්ටද ඉතාමත් කෙටි කාලයක් තුල ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.