LATEST NEWS
Search

විශ්ව විද්‍යාල සිසුවකුගෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක්

132

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ.ධම්මික ප්‍රභාත් සිසුවා පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයක්ද වන අතර පොල්හෙන විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පළමු වසර අභ්‍යන්තර සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටි.

ඔහු පවසා ඇති අකාරයට ඔහු මෙම නිපැයුම බොහෝ කලකට පෙර සැලසුම් කළ නිර්මාණයක් වන අතර තවදුරටත් ඔහු පවසා ඇත්තේ මේ දිනවල චීනය මුල් කරගෙන ඉතා ඉක්මණින් ලෝකය පුරා පැතිරෙන කොරෝනා වයිරසය හා ඒ නිසා ලාංකික ජනයා දපීඩාවට පත්ව සිටින ආකාරය පසුගිය දින කිහිපය තුල ඔහු හොඳින්ම දුටු බවත් මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් මුඛ ආවරණ අපේ රටේ වෙළෙඳපොළ තුළ හරිආකාරව තිබුනේ නැති බවත්ය.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ මේ මුඛ ආවරණය ශ්‍රී ලංකාවේ පළමු ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ලෙස හැඳින්විය හැකි බවත් මෙය නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇති සියලු අමු ද්‍රව්‍ය දේශීය අමු ද්‍රව්‍ය වන අතර ඒ සෑම අමුද්‍රව්‍යක්ම දිරා යන දේවල් වීම ද විශේෂත්වයක් වන බවත්ය.

එමෙන් ඔහු තවදුරටත් පවසා ඇත්තේ රාවණ යුගයේ සිට පැවැතගෙන ආවා යැයි විශ්වාස කරන (හෙළ වෛද්‍ය විද්‍යාව) නම් දියුණු වෛද්‍ය ක්‍රමයක් අප සතුව තිබුණත් අද එය භාවිතයට ගන්නේ බොහෝම අඩු පිරිසක් වන බවත් මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් හෙළ වෛද්‍ය විද්‍යාවේ එන විෂ හරණ විද්‍යාව ඔවුන් අධ්‍යයනය කල බවත් අපේ රටේ ඖෂධීය බෙහෙත් ද්‍රව්‍යවලින් ඔවුන් මෙම මුඛ වැස්ම නිර්මාණය කල බවත්ය.

එසේම මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ප්‍රධාන වශයෙන් ස්ථිර තුනක් යටතේ නිපදවා තිබෙන අතර විශේෂ ශාඛසාර ඖෂධ යෙදු ස්ථර දෙක් ද දුවිලි පෙරහණ ස්ථරයක් ද මේ සඳහා මා එකතු කොට ඇත.

වෙළඳපොළ තුළ ඇති සාමාන්‍ය සායනික මුඛ ආවරණයක් උපරිමයෙන් භාවිතා කළ හැක්කේ පැය 8ක පමණ කාලයක් වුවත් මෙම ආයූර්වේදීය ආරක්ෂිත මුඛ ආවරණය පැය 72ක පමණ කාලයක් හොඳින් භාවිතා කරන්න හැකියාව ඇත. පැය 72කින් පසුව ද මුඛ ආවරණය සෝදා පවිත්‍ර කර ඖෂධීය ස්ථර දෙක පමණක් නැවත එක් කර සාර්ථක ලෙස භාවිතයට ගත හැක.

එමෙන්ම මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය භාවිතා කිරීම මඟින් ශරීරයට කිසිදු අසාත්මිකතාවයක් ඇති නොවන අතර මෙය සියයට සියයක් දේශීය අමු ද්‍රව්‍යවලින් නිපධ වූ ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණයක් වේ.

ඉතාම අඩු සාධාරණමිලකට මෙම නිපැයුම් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාව ඔවඅන්ට ඇති බවත් මේ තුළින් නව රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට ද ඔවුන්ට හිකියාව ඇති බවත් පවසා ඇත. තවදුරටත් පවසා ඇත්තේ අදාල බලධාරීන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරනවා නම් තවත් විදේශ රටවලින් මේ වැනි නිෂ්පාදන ගෙන්වීමට අවශ්‍ය නොවන බවයි.

එසේම ඔවුන් පවසා ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය හෝ ඉන්දීයාවෙන් පැමිණි ආයූර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා අපේ රටේ පැවැති ආභාවයට යමින් තිබෙන හෙළ වෛද්‍ය විද්‍යාව අපි රැක ගතයුතු වගේම මෙය තවතවත් විනාශයට වන්නට නොදී රැක ගැනීමට අපේ සැවෝගෙන වගකීමක් ලෙස ඔවුන් දකින බවයි.

එමෙන්ම මෙය නිර්මාණය කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශ්‍රී ගිම්හාන මධුරප්පේරුම,රවින්ද්‍ර වන්නිආරච්චි සහ කවීෂ රණසිංහ දායක වී ඇත.

ඒ වගේම විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ සහ පොල්හෙන විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම් කටයුතු කරන ආචාර්යවරුන්ද මේ සඳහා දායක වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *