LATEST NEWS
Search

හඳුන්නෙත්ති චෝදනා කරන ලක්ෂ හයේ පුටුවට විමල්ගෙන් පිළිතුරු

294

තමන් අමාත්‍ය ධුරයට පත්වූ පසුව තමාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් නිර්මාණය කිරිමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එය මුළුමනින්ම අසත්‍ය පුවතක් බවත් මඩගැසිමක් වෙනුවෙන් එවැනි පුවතක් නිර්මාණය කර ඇති බවටත්ය.

එම කාර්යාල පරිශ‍්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනිදා වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසිඳු අයුරකින් අලූත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදු නොකර බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *