LATEST NEWS
Search

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම පිටුපස මෙරට හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු

210

වර්තමාන යුධහමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට විවිධ පාර්ශව චෝදනා කරනවා. රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ මෙම තහනම පැනවීමේදී මෙරට හිටපු අමෙරිකානු තානාපතිවරයෙකුගේ මැදිහත්වීමක් ඇති බවට විශ්වාස කරන බවයි. මේ, හේතුවෙන් මෙම කුමන්ත්‍රණයට ආණ්ඩුව ඍජුව පිළිතුරු ලබාදිය යුතු බව ද මෙහිදී ප්‍රකාශ කොට ඇත.

තවදුරටත් ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ඇතැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

මේ අතර අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අද දිනයේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත වන අතර මෙම හමුවේදී යුධහමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *