රාසියානුවන් මුහුදට එක් කල ටොන් ගණන්ත් වීදුරු කැබලි සොබාදහම විසින්ම අපූරු වීදුරු ගල් කැට බවට පත් කරයි
සෝවියට් සමූහාණ්ඩුවේ කාලයේ දී, සොබාදහම සංරක්ෂණය යන කරුණ ගැන නොසිතා ඇත. එබැවින් පැරණි වීදුරු බෝතල් සහ පෝසිලේන් බැහැර කරන ස්ථානයක් (ඩම්ප් එකක්) ලෙස උසුරි බොක්ක භාවිතා කොට ඇත. එහෙත් සොබාදහම සියල්ල පිරිසිදුව පිළිවෙලට තබා ගැනීමට කැමතියි අතර, එබැවින් සොබාදහම විසින්ම රුසියානුවන් මුහුදට කුණු ලෙස එක කල වීදුරු කැබලි මිලියන ගණනක් වර්ණවත් ගල් කැට ස්වරූපයෙන් නැවතත් වෙරළට ලබා දී ඇත.
අතීතයේ දී, එක් කල ටොන් ගණනක් කැඩුණු බියර් බෝතල්, වයින් සහ වොඩ්කා බෝතල් නිසා මෙම කලාපය තහනම් කලාපයක් බවට පත් කර තිබූ නමුත් දශක ගණනාවකට පසු එය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති අතර එම කලාපය වීදුරු වෙරළ(glass beach) ලෙස දැන් හැඳින්වේ.