LATEST NEWS
Search

කිසි විටකත් රණවිරුවන්ට අඩු සැලකිලි දක්වන්නේ නෑ”- යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

428

පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ ගතවූ ඡායාරූපයක් සම්බන්ධව  30 උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක් අතරතුරදී යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පල කර සිටියා.

ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි මත රණවිරුවන් පිරිසක් නිදා සිටින ඡායාරූපයක් මේ දිනවල සංසරණය වන බවද එය පිට රටක සිට පළ කල එකක් බවද එහි සත්යතාවයක් නොමැතිබවද යුද හමුදාපතිවරයා සඳහන් කරන ලදි.

නිවාඩු ලබා සිටි හමුදා නිලධාරීන් නැවත කැඳවීමේ දී අවශ්ය පහසුකම් සැලසිමට කොළඹ, මුලතිව් හා මධ්‍යම පළාත් වලින් ගොඩනැඟිලි 11 ක් ලබා ගත් බව පැවසූ යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම පළ කර ඇති ඡායාරූපය එම එකදු ස්ථානයකට හෝ අයත් නොවන බවත් තමා රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවත් හෙතෙම අවධාරනයෙන් යුතුව කියා සිටියා.

රණවිරුවන්ට ‍ගස් ගල් මත නිදා ගැනීම අලුත් අත්දැකීමක් නොවන බවත් තමා ද පෙර යුද්ධය පැවති කාලයේ ඕනෑ තරම් එවන් අසීරු අවස්ථාවන්ට මුහුණ දී ඇතැයි ද ඉතා සංවේදීව පැවසු යුද හමුදාපතිවරයා, මෙම නිරෝධායන ක්‍රියාවලිය ආරම්භයේදී ද අපගේ වීරෝදාර රණවිරුවන් ජනතාව වෙනුවෙන් සිය ඇඳන් පරිත්යාග කර බිම නිදා ගත් බවද හෙතෙම පැවසුවේය.

තවද නාවික හා ගුවන් හමුදාව විසින් ලබා ගත් ස්ථානයන් පිළිබඳව පරික්ෂණ පවත්වන බවත් කිසිම විටක රණවිරුවන් හට මෙලෙස සැලකීමට කටයුතු නොකලන බවත් හෙතෙම සඳහන් කලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *