රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර සිටියා. ඔහුට චෝදනා වී ඇති සිද්ධිය වන්නේ, සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු දැක්වීමක් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බව තීන්දු කරමින් එම ඇප නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ හිටපු ඇමතිවරයාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද ප්රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.