පැය 72කින් කොරෝනා රෝගියෙකු සුව කරන කෑගල්ලේ වෛද්‍යවරයා

45

මේ පාරම්පරික ආයුර්වේද වෙදමහතාව හමුවෙන්නේ කොළඹින් දුර බැහැර ප්‍රදේශක පිහිටි කෑගල්ලේ හෙට්ට්මුල්ලෙන්.ඔහු නමින් ධම්මික බණ්ඩාර.ඔහු නිපදවා තියෙන කොරෝනා රෝගය සඳහා වන ඖෂධයෙන් දින තුනක් හෝ හතරක් වැනි කෙටි කාලයකින් රෝගියෙක්ව සුව කළ හැකි බව ඔහු පවසනවා.ධම්මික බණ්ඩාර මහතා මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ. “කොවිඩ් වලට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා.ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ.එකක් පිරිසිදු මී පැණි.මේ ඖෂධය දීලා රෝගීන් සුවපත් කරලා තියෙනවා.ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. අවසන් වශයෙන් වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට ලබා දුන්නා.එතන රෝගීන් 146 දෙනෙකු හිටියා.දින හතරක් යන විට සුව වී තිබුණා.සත්තකින්ම මෙය ජීවමාන ඖෂධයක්” යනුවෙන් ඔහු දිවයින පුවත්පතට පැවසූ බව වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔහුට බෙහෙත් සොයාගැනීමට අපහසුවක් තිබෙන නිසාවෙන් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය බවයි ඔහු පවසන්නේ.පිරිසුදු මී පැණි සහ සාදික්කා ධම්මික මහතාට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙනවා.අනිත් බෙහෙත් වර්ග දෙක ඔහුට සොයාගැනීමට හැකි බවයි වාර්තාවන්නේ. එමෙන්ම මෙයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් ලංකාවේ සිටින පන්දහස් ගණනක වන රෝගීන්ව දින තුනකදී නිට්ටාවටම සුව කළ හැකි බව ඔහු පවසනවා.ඔවුන්ට කිසි දිනක නැවත කොරෝනා රෝගය ආසාදනය නොවන බවයි ඔහු වැඩි දුරටත් අවධාරණය කරන්නේ. කෙසේ නමුත් මෙය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යක් කරා යන ගමන ශක්තිමත් වන බවනම් නොඅනුමානයි.එය සිදු වී මුළු ලෝකයේම කොරෝනා රෝගීන් සුවපත් වේවා යි යන්න අපේ ප්‍රාර්ථනාවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *