ඊයේ දිනයේදී මිරිහාන පොලිසියට ලැබුණු තොරතුරක් මත කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ ධාවනය කිරීමට සැලසුම් කර තිබූ යතුරුපැදිකරුවන් 24 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
පසු ගිය දිනක මොරටුව එගොඩ උයන ප්රදේශයේදී සිදු වූ මාරාන්තික යතුරුපැදි අනතුරට පසු එවැනි යතුරුපැදිකරුවන්ව අත්තඩංගුවට ගැනීමට පොලිසිය මේ අන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.