ක්රිකට් ක්රීඩාවේ පෙරළිකාර පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ මතකය ලාංකේය ක්රිකට් හදවත්වල ආයෙමත් ගැහෙන්න ගත්තා.ඒ LPL තරඟාවලියට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් එක් වුණු උතුරේ දමිළ ක්රීඩකයෙක් නිසා.ඔහු නමින් විජයකාන්ත් වියස්කාන්ත්.ඔහුට ඉතාමත් දීප්තිමත් අනාගතයක් හිමි බව පළමු තරගයෙන්ම අපට පෙනෙන්නට තිබුණා.ඔහු ප්රභල ක්රීඩකයෙක් වූ කලම්බු කින්ග්ස් කණ්ඩායමේ ඇන්ජිලෝ මැතිවුස්වද දවාගන්නට සමත් වුණු අතර මැතිවුස් ඒ පිළිබඳව තව ට්විටර් ගිණුමේ සඳහනක්ද කර තිබුණා.කොහොම වුනත් ජාති ආගම් කුල මල බේදවලින් තොරව ක්රිකට් ලෝකයෙනුත් ඉන් එහාටත් ශ්රී ලංකාව යන ගමන එක්ව ජය ගැනීමට වියස්කාන්ත් ප්රභල සාධකයක් වනු ඇති.