කොවිඩ් -19 ගෝලීය වශයෙන් ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ PCR පරීක්ෂණ පිළිබඳව වැඩි කතා බහක් ඇති වුණා.ශ්‍රී ලාංකාවේත් මේ වන විට රෝගීන් විසිපන්දහසේ සීමාවද පසු කර තිබෙනවා.එවැනි පසුබිමක පසු ගිය දිනක අපේ රටේ PCR යන්ත්‍රයක් ක්‍රියා විරහිත වීම නිසා දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වුණා.ලෝකයෙන් වුණත් ඒ වගේ සිදුවීම් ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්.
මෙ ප්‍රශ්නෙට කදිම විසඳුමක් ගේන්න උත්සහ කරන ලංකාවේ පුංචි කොල්ලෙක් අපට හමුවෙනව.ඔහු නමින් උෂාන් සකුන්ත.ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්.ඔහු මේ වන විට PCR යන්ත්‍ර ගණනාවක්ම නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා.ඔහු සෑදු මැෂින් ඉදිරියේදී ලංකාවේ රෝහල්වලට සහ විශ්ව විද්‍යාලවලට නිෂ්පාදනය කිරීමට නියමිතයි.ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන උෂාන් පිළිබඳව ලාංකිකය විදියට අප ආඩම්බර විය යුතු බවයි අපේ හැඟීම.