ලොබ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර ශ්‍රී ලංකාවේ ශෙමාරා වික්රමනායකත් පත් වී තිබෙනවා. Forbes සඟරාව පළකර ඇති 2020 ලොව බලවත් කාන්තාවන් අතර ඇයට හිමි වන්නේ 29 ස්ථානයයි.ඇය එක්සත් රාජධානියේ උපත ලැබුවද ශ්‍රීලංකාවේ වාසය කර ඇති අතර වයස 13දී ඇය දෙමාපිය සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ දෙවෙනි එලිසෙබත් රැජිනට මෙහි 46 වෙනි ස්ථානයත්,නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩෙන්ට 32 වෙනි ස්ථානයත් හිමි වීමයි.ජර්මනියේ චාන්සෙලර් ඇන්ජෙලා මාකෙස් අඛණ්ඩව 10වෙනි වරටත් මෙහි පළමු තැන හිමි කරගෙන තිබෙනවා.