වසර තුනක ඇවෑමෙන් පසුව ස්කොට්ලන්තය අසල පිහිටි ෆාරෝ දූපතෙහි ඉදිවන විශාලතම මුහුදු අභ්‍යන්තර උමං මාර්ගය මෙම මස 19 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට මෙ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ
මෙම උමං මාර්ගය සැතපුම් 6.8 (කි.මී. 11) ක් පමණ දුරින් පිහිටි ස්ට්රේමෝයි සහ අයිස්ටූරෝයි දූපත් එකිනෙක යා කරමින් කරල තියෙනවා
මුහුදු අභ්‍යන්තයෙහි පිහිටි මෙම උමං මාර්ගය, ෆාරෝ දූපත්හි අගනුවර වන ටර්ෂාව්න් සහ වාණිජ නගරය වන රුනාවෙක් අතර තිබූ පැයක් සහ මිනිත්තු 14 ක ගමන් කාලය, මිනිත්තු 16 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම උමං ජාලයේ පහළම ස්ථානය පිහිටනුයේ මුහුදු මට්ටමේ සිට මීටර් 187 ක් (අඩි 613) ක් පහළිනුයි
උමං මාර්ගය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, උමං මාර්ගයෙහි බෑවුම් සහතබව 5% ට වඩා වැඩි නොවන බව උමඟ ඉදි කළ සමාගම ප්‍රකාශ කරනවා.ඒකෙන් අපිට වැටහෙන්නේ මේ සඳහා ඉහළ තාක්ෂණාක් භාවිතා කරල තියෙනව කියලයි.
ජනතා අයිතියට පත්කිරීමට ප්‍රථම, මෙම උමං මාර්ගයේ ත්ත්ත්වය කෙබඳුද යන්න පරීක්ෂා කිරීමේ කාර්යය දෙසැම්බර් 17 වන දින පැවැත්වීමට නියමිත බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම මුහුදු අභ්‍යන්තර උමං මාර්ගය භාවිතා කරන්නන් යම් ගාස්තුවක්නම් ගෙවන්න ඕනේ.
ෆාරෝස් දූපතෙහි ප්රවෘත්ති වෙබ් අඩවියක් වන ‘Local.fo‘
ට අනුව උමං මාර්ගය භාවිතා කරන මෝටර් රථ ඒ සඳහා ඩෙන්මාර්ක ක්රෝනා 75 ක් (ඩොලර් 9.10) ක් ගෙවන්න ඕනේ