පසු ගිය දිනවල වික්ටෝරියා ජලාශය අවට සුළු භූ කම්පන රැසක්ම වාර්තා වුණා.ඒ පිළිබඳ පරීක්ෂණ ගණනාවක්ම සිදු කලා.කෙසේ නමුත් මෙම භූ කම්පන පිළිබඳවත්,ඉදිරියේ දී බලපෑමක් ඇති විය හැකි මට්ටමකින් භූමි කම්පාවක් සිදු වුවහොත් සිදු වෙන හානිය් අවම කරන්නේ කෙසේද යන්න බව පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.එ සඳහා පුළුල් විද්වත් කමිටුවක් පත් කරන ලෙස පරිසර ඇමති මහින්ද අමරවීර උපදෙස් ලබා තිබුණා. එ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඒ සඳහා 11 පුද්ගල කමිටුවක් පත් කර ඇති බව වාර්තා වෙනවා.